Homeසියලුම පුවත්දෙවුන්දර වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී

දෙවුන්දර වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ නිවසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පසු පලාගිය බවට සැක කෙරෙන මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ, රියදුරු එය නොනවත්වා ධාවනය කර පලා ගොස් තිබේ.
පසුව එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් කාණුවකට වැටී නතර වී ඇති අතර, රියදුරු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
වැඩිදුර පරීක්ෂණවලදී එම මෝටර් රථය දෙවුන්දර වෙඩි තැබීම සඳහා යොදාගත් රථය බවට තහවුරු වී ඇති බවද පොලීසිය පවසයි.
පෙරේදා (21) රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ පිහිටි ධීවර වෘත්තියේ නිරත පුද්ගලයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබුණි.
වෙඩි ප්‍රහාරය එල්ල කර පලා යන සැකකරුවන්ගේ ක්‍රියාකලාපය ආසන්නයේ තිබූ CCTV කැමරාවකද සටහන් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments