Homeසියලුම පුවත්ගෝඨාභයගේ රිට් පෙත්සම අද යළි කැඳවයි

ගෝඨාභයගේ රිට් පෙත්සම අද යළි කැඳවයි

තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු අද (23) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.
ඒ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අභියාචනාධිකරණයට පැමිණ සිටියේය.
පෙත්සම මීට පෙර හතරවන වරටත් සලකා බැලීමෙන් අනතුරුව අද දක්වා කල් තබා තිබූ අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, ශානි අබේසේකර මහතා ද්වේෂ සහගතව කටයුතු කළ බවට කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු ඉදිරිපත් කර නොමැති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments