Homeසියලුම පුවත්කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50ක පමණ වේගයෙන් තද සුළං හමා යා හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ හේතුවෙන් ජනතාවගෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත්, තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments