මැලේසියාවේ පැවති 9 වන ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe Award) සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර අද (26) දිවයිනට පැමිණියහ.
‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා ලෙසත්, ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර විය.
ඔවුන් පිළිගැනීම සඳහා ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම සම්මාන උළෙල සඳහා ලොව විවිධ සිනමා සම්මාන උළෙලවලදී සම්මාන සඳහා නිර්දේශ වූ චිත්‍රපට පමණක් තෝරාගැනීම විශේෂත්වයකි.

