Homeසියලුම පුවත්කොංගෝවේ ඉබෝලා ආසාදිතයින් 3360ක් දක්වා ඉහළට

කොංගෝවේ ඉබෝලා ආසාදිතයින් 3360ක් දක්වා ඉහළට

කොංගෝ ජනරජයේ ඉබෝලා ආසාදිතයින් සංඛ්‍යාව 3,360 දක්වා ඉහළ ගොස් ඇති බව එරට රජයේ දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 1,487 දෙනෙකු මියගොස් ඇති අතර, වත්මන් තත්ත්වය 2018 සිට 2020 දක්වා පැවති ඉබෝලා වසංගතයට සමාන බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

එම වසංගත සමයේ ඉබෝලා ආසාදිතයින් 3,400කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 2,200ක් පමණ වාර්තා වී තිබූ බව සඳහන් වෙයි.

එමෙන්ම, 2014 සිට 2016 දක්වා බටහිර අප්‍රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය ඉතිහාසයේ දරුණුතම වසංගතයක් ලෙස සැලකෙන අතර, එහිදී ආසාදිතයින් 28,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 11,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments