කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත් මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් දැනුම් දී ඇත.

