Homeසියලුම පුවත්🥇 රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

🥇 රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

ඔහු සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකර මෙම ජයග්‍රහණය වාර්තා කළේය. 2021 ඔලිම්පික් රන් පදක්කම්ලාභී නීරාජ් චොප්රාට රිදී පදක්කම හිමි වූ අතර, ඉන්දියාවේ යෂ් වීර් සිං ලෝකඩ පදක්කම දිනාගත්තේය.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනාගත් 6වැනි රන් පදක්කම වන අතර, වසර 20කට පසු ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කමද වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments