මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණි.
සිද්ධියෙන් රැඳවියන් හත්දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය යොදවා තිබූ අතර, ගුවන් හමුදාව බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක්ද නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇත.
රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇති බවද වාර්තා විය.
මේ අතර රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ පොලීසිය අතරද උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතියද පනවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාද මහර බන්ධනාගාරයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කළහ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත්, බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්ය.

