Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී.100ට වැඩි තද වැසි අපේක්ෂා කරන අතර, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

එමෙන්ම පස්වරු 2.00න් පසු මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමා යා හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි, අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments