Homeසියලුම පුවත්මහර බන්ධනාගාර සිද්ධිය ගැන රස පරීක්ෂකගේ නිරීක්ෂණ අද

මහර බන්ධනාගාර සිද්ධිය ගැන රස පරීක්ෂකගේ නිරීක්ෂණ අද

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද (03) ස්ථානීය නිරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මේ අතර, සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (02) පැවැත්වූ බවද සඳහන් වේ.

නොසන්සුන්තාවෙන් පසු රැඳවියන් 104 දෙනෙකු දුම්බර, වැලිකඩ, බුස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොලොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.

සිද්ධියෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම බන්ධනාගාරයේ ගොඩනැගිලි සහ දේපළවලට රුපියල් කෝටි 15කට අධික හානියක් සිදුව ඇති බව වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අද සිට දින තුනක කාලයක් රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීමද තාවකාලිකව නතර කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments