Homeසියලුම පුවත්බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරින් 20ක් රෝහලට

බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරින් 20ක් රෝහලට

කෑගල්ල කරඩුපන හංදිය ප්‍රදේශයේදී අද (03) උදෑසන 6:15ට පමණ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පිරිස කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරට ලක්ව ඇත්තේ රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ දිගන සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments