පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.
ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළේය.

