Homeසියලුම පුවත්දෙහිවලදී බේකරි හිමියෙකුට වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි

දෙහිවලදී බේකරි හිමියෙකුට වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි

දෙහිවල, කඩවත පාරේ දහනායක ක්‍රීඩාංගනය අසල පිහිටි බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කර අද (04) රාත්‍රී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව පොලීසිය පවසයි.

මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු වෙඩි තැබීමට උත්සාහ කළද, ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එය අසාර්ථක වී තිබේ.

එම අවස්ථාවේදී බේකරි හිමිකරු සැකකරු සමඟ පොරබැද ගිනිඅවිය උදුරාගෙන ඇති අතර, අනතුරුව සැකකරු එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

සිද්ධියෙන් බේකරි හිමිකරු සුළු තුවාල ලබා ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments