Homeසියලුම පුවත්සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 6දා යළි කැඳවයි

සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 6දා යළි කැඳවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා මේ මස 6 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

පෙත්සමට සහාය සහ විරුද්ධව ඉදිරිපත් කර ඇති සියලු අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය සවන් දෙන බවත්, ඒවාට අදාළ දේශන ඉදිරිපත් කිරීම විනාඩි 10කට සීමා කරන ලෙසත් විනිසුරු මඩුල්ල නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

සුරේෂ් සලේ මහතාගේ පෙත්සමට සහාය පළ කරමින් පාර්ශ්ව 8ක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, එම පෙත්සමට විරුද්ධව කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ද පෙත්සමක් ගොනු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments