ගම්පහ සහ දාරළුව අතර දුම්රිය මාර්ගයේ, ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ පුද්ගල මළ සිරුරක් හමුවීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයන් සහිතව ධාවනය වන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළ සිරුර ඉවත් කරන තෙක් දුම්රිය ධාවනය ප්රමාද විය හැකි බව සඳහන් කර ඇත.

