පසුගිය ජූලි 23 දින දෙමටගොඩ කුප්පියාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියට අදාළව අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලේක්ඩ්‍රයිව් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී 23 හැවිරිදි සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.9ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු බවට අනාවරණය වී ඇත.
එමෙන්ම 24 හැවිරිදි තවත් පුද්ගලයෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ සම්බන්ධතාව පිළිබඳව බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

