මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ වනවිට කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් පවතී.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් පිළිබඳ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සාගර කාරියවසම් මහතා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේය.
පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
එහිදී පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදුකිරීම සහ ජනාධිපතිවරයා මහජනතාව අතර අනාදරයට පත්වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

