Homeසියලුම පුවත්📌 බෑනා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් 78 හැවිරිදි මාමණ්ඩිය මරුට

📌 බෑනා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් 78 හැවිරිදි මාමණ්ඩිය මරුට

ලග්ගල, තෝරපිටිය ප්‍රදේශයේදී සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලබා බිම වැටී සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් රෝහල්ගත කිරීමට කටයුතු කළද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ මා ඔය, ගම්මාන 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මරණකරු සහ ඔහුගේ බෑනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි.

සිද්ධියෙන් පසු සැකකාර බෑනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments