Homeසියලුම පුවත්📌 මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට

📌 මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ‘රත්මලානේ සයිමා’ නමැති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, අදාළ සැකකරු ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලීසියට භාරදී ඇති බවයි.

රතු නිවේදනයක් නිකුත් කර තිබූ මෙම සැකකරු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්, මැලේසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු සමඟ සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකුද මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, තිදෙනාම ඊයේ පස්වරුවේ වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

41 හැවිරිදි ‘රත්මලානේ සයිමා’ නමැත්තාට එරෙහිව 2014 වසරේදී පේරාදෙණිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments