Homeසියලුම පුවත්🚨 iPhone භාවිත කරන්නන්ට WhatsApp ගැන විශේෂ අනතුරු ඇඟවීමක් – නව Zero-Click...

🚨 iPhone භාවිත කරන්නන්ට WhatsApp ගැන විශේෂ අනතුරු ඇඟවීමක් – නව Zero-Click ප්‍රහාරයක්

iPhone භාවිත කරන්නන්ගේ WhatsApp ගිණුම් අත්පත් කර ගැනීමේ නවතම Zero-Click ප්‍රහාරයක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම ප්‍රහාරය iOS 16 සහිත iPhone උපාංගවල ආරක්ෂක දුර්වලතා ඉලක්ක කර ගනිමින් සිදුවන බව සඳහන් වේ. ඇතැම් පරිශීලකයන්ගේ WhatsApp ගිණුම් හරහා අනවසරයෙන් මුදල් ඉල්ලා පණිවිඩ යවා ඇති බවත්, ඇතැම් අවස්ථාවල WhatsApp කණ්ඩායම්වල පරිපාලක අයිතියද ප්‍රහාරකයන් විසින් ලබාගෙන ඇති බවත් වාර්තා වී ඇත.

විශේෂයෙන් iOS 16.7.12 ට පෙර සංස්කරණ භාවිත කරන උපාංග අවදානමට ලක්විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

📱 iPhone පරිශීලකයන්ට උපදෙස්: • iOS නවතම සංස්කරණයට යාවත්කාලීන කරන්න. • WhatsApp නවතම Version එකට Update කරන්න. • Two-Step Verification සක්‍රීය කරන්න. • Chat Lock භාවිත කරන්න. • WhatsApp හරහා අසාමාන්‍ය ලෙස මුදල් ඉල්ලා පණිවිඩයක් ලැබුණහොත්, වෙනත් විශ්වාසදායක සන්නිවේදන මාර්ගයකින් එය තහවුරු කරගන්න.

⚠️ ඔබගේ WhatsApp ගිණුමෙන් හදිසියේම මුදල් ඉල්ලන පණිවිඩ යවන්නේ නම්, එය නොසලකා හැර වහාම ඔබගේ ගිණුමේ ආරක්ෂාව පරීක්ෂා කරන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments