Homeසියලුම පුවත්එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයා බැලිය යුතුයි - කාදිනල් හිමි

එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයා බැලිය යුතුයි – කාදිනල් හිමි

මෙරට බටහිර මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයාගේ සම සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති කතෝලික සභාවේ සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර තිබේ.

එහිදී රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්ය මණ්ඩලයක් සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම සහ ගුරු වෘත්තිය සඳහා කතෝලික පූජක සොහොයුරියන් හා පියතුමන්ලා බඳවා ගැනීම සම්බන්ධ වත්මන් ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

තවද, රජයට පවරා ගත් පාසල්වල කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.

වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයට සිය ස්තූතිය පළ කරන බවද කාදිනල් හිමිපාණන් සඳහන් කර තිබේ.

කිසිදු භේදයකින් තොරව සියලු සිසුන්ට තමන්ගේ ආගම ඉගෙනීමට අවස්ථාව තහවුරු කිරීම තම අභිලාෂය බැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන තත්ත්වය නිරාකරණය කරගත යුතු බවද උන්වහන්සේ පෙන්වා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments