Homeසියලුම පුවත්එල් නිනෝ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වීමේ අවදානමක්

එල් නිනෝ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වීමේ අවදානමක්

එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන් ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා මෙරට ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දිගු වියළි කාලගුණික තත්ත්ව සහ අක්‍රමවත් වර්ෂාපතන රටා හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑම් ඇතිවිය හැකි අතර, ජලාශවල ජල මට්ටම් පහළ යාමෙන් ජල විදුලි උත්පාදනයද සීමා විය හැකිය.

එම තත්ත්වය හේතුවෙන් තාප විදුලි උත්පාදනය මත වැඩි වශයෙන් රඳා සිටීමට සිදුවීමෙන් බලශක්ති හා නිෂ්පාදන වියදම් ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන අංශවලට බලපෑම් එල්ල වී ආර්ථික වර්ධනය පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකුව පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments