මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර මේ වනවිට වීථි සංචාරය ආරම්භ කර තිබේ.
අද සිට දින 5ක් අඛණ්ඩව රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර ලබන 27 වනදා වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
පළමු රන්දෝලි පෙරහැර පස්වරු 6.44ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කිරීම ආරම්භ කළේය.
පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරඹයි

