මුහුදු රළ ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළ තීරයේ ඇතැම් ස්ථානවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් මෙන්ම වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාවද මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

