Homeසියලුම පුවත්මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පසුගිය 28 වැනිදා කටාන පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) සිදුකළ මෙහෙයුමකදී ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා සහ අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 47 සහ 49 යන වයස්වල පසුවන කදිරාන, ඒත්තුකාල සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටාන පොලීසිය විසින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments