Homeසියලුම පුවත්නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

නේපාලයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත සහන කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය වෙත යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
සහන කණ්ඩායම් යැවීම සම්බන්ධයෙන් මේ වනවිට සැලසුම් කරමින් සිටින අතර, යවන භට පිරිස් සංඛ්‍යාව සහ කණ්ඩායම්වල ස්වභාවය ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම නේපාලයේ ආපදා සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට මූලික කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments