Homeසියලුම පුවත්ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගබඩාවක ගින්නක්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගබඩාවක ගින්නක්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක අද (30) සවස 3.20ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න පැතිරීම වැළැක්වීම සඳහා කඩදාසි කම්හලේ ගිනි නිවන ඒකකය, යුද හමුදාව, පොලීසිය, ඇඹිලිපිටිය නගර සභාව සහ සෙවණගල සීනි කම්හලේ ගිනි නිවන ඒකකය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇත.
කඩදාසි කම්හල වෙත ගෙන්වන ලද අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ප්‍රදේශයේ ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments