Homeසියලුම පුවත්විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධතාවක

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධතාවක

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (02) විරෝධතාවයක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් එළැඹෙන සතියේදී මෙම විරෝධතා තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණදෙන ගැටලු සඳහා රජය ස්ථිර විසඳුම් ලබාදිය යුතු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments