අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (03) සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.
ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් තැන්පත් කිරීමට නියමිතය.
කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණි.
මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.
ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ගීත රැසක් ගායනා කරමින් මෙරට සංගීත ක්ෂේත්රයට දායක වූ අතර, රංගන ශිල්පියෙකු ලෙසද සිය දක්ෂතා ප්‍රකට කළේය.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ඒ මහතා මෙරට කලා ක්ෂේත්රයේ ප්‍රකට චරිතයක් ලෙස කටයුතු කර තිබුණි.

