Homeසියලුම පුවත්එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අද

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අද

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ වෙනුවෙන් සංවිධානය කර ඇති සැමරුම් වැඩසටහන පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එම සැමරුම් වැඩසටහන අද පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.

1946 වසරේ සැප්තැම්බර් 6 වැනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර තිබේ.

එහිදී ඩී.එස්. සේනානායක මහතා පක්ෂ නායකයා ලෙසත්, එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතා ලේකම්වරයා ලෙසත් තේරී පත්ව ඇති අතර, සර් රාසීක් ෆරිඩ් මහතා සහ ජේ.ආර්. ජයවර්ධන මහතා සම භාණ්ඩාගාරිකවරුන් ලෙස තෝරාගෙන තිබේ.

පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත්, සලකුණ ලෙස ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා වන අලියාත් තෝරාගෙන ඇත.

1946 වසරේ පක්ෂය ආරම්භ කළ දින සිට මේ දක්වා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස ඇතුළු නායකයින් රැසක් පක්ෂ නායකත්වය හොබවා තිබේ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට පත්ව මේ දක්වා එම ධුරයේ කටයුතු කරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments