Homeසියලුම පුවත්මහියංගනයේ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

මහියංගනයේ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

මහියංගනය, අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 10 වැනිදා සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments