Homeසියලුම පුවත්ඩෙංගු මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළට

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව මේ වන විට රට තුළ ඩෙංගු රෝගීන් 98,616 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වේ.
වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.62%ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර, දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් දකුණු පළාතෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 14,209කි.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 20,917කි. කොළඹින් රෝගීන් 19,435ක් සහ මහනුවරින් 7,410ක් වාර්තා වී ඇත.
මේ අතර, මාසිකව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,155ක් හඳුනාගෙන තිබේ.
සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 3,125 දෙනෙකු හඳුනාගෙන ඇත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 34ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබාගැනීමට සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments