Homeසියලුම පුවත්පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව අද – අලුත්කඩේට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව අද – අලුත්කඩේට විශේෂ ආරක්ෂාවක්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ
ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද අධිකරණ පරිශ්‍රයට අනියුක්ත කර ඇති බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. �

අලුත්කඩේ මහාධිකරණයේදී නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරිණි.
නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, නඩු විභාගයේ කටයුතු පසුගිය අගෝස්තු 24 වැනිදා අවසන් කර තිබුණි. අනතුරුව තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියම කර තිබේ. �

RELATED ARTICLES

Most Popular

Recent Comments