Homeසියලුම පුවත්හරක් කටා-පද්මේ ගැටුම ගැන බන්ධනාගාරයෙන් විමර්ශනයක්

හරක් කටා-පද්මේ ගැටුම ගැන බන්ධනාගාරයෙන් විමර්ශනයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු පත්කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින ‘හරක් කටා’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඊයේ (22) රාත්‍රියේ ගැටුමක් හටගෙන ඇති අතර, එහිදී ‘කෙහෙල්බද්දර පද්මේ’ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහු මේ වනවිට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments