Homeසියලුම පුවත්කොංගෝ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 14ක් මරුට

කොංගෝ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 14ක් මරුට

කොංගෝ රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව පවසයි.

මියගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා ද සිටින බව සඳහන් වේ.

නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්ව කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට නිශ්චිත හේතුව සම්බන්ධයෙන් එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, හේතුව සොයා පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ අතර, පසුගිය වසරේ සිට නැගෙනහිර කොංගෝවේ රුවන්ඩා සහාය ලබන M23 කැරලි කණ්ඩායම ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ප්‍රධාන නගර කිහිපයක බලය අත්පත් කරගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව කොංගෝ හමුදාව දැඩි සටනක නිරතව සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments