පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබී කැණීම් සඳහා භාවිත කළ උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ (26) සවස පොළොන්නරුව පොලිස් වසමේ පලුගස්දමන ප්‍රදේශයේදී ලද තොරතුරකට අනුව පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

