Homeසියලුම පුවත්යාපනයේ සැකකටයුතු ලෙස ගමන් කළ 9ක් අත්අඩංගුවට - ලක්ෂ 9ක මුදල් සහ...

යාපනයේ සැකකටයුතු ලෙස ගමන් කළ 9ක් අත්අඩංගුවට – ලක්ෂ 9ක මුදල් සහ ආයුධ හමුවෙයි

තියුණු ආයුධ සහ රුපියල් ලක්ෂ 9ක මුදලක් ළඟ තබාගෙන සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයින් නවදෙනෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය නගරය ආසන්නයේදී මෝටර් රථයකින් සහ යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මෙම පිරිස පොලිස් මුර සංචාරයේ නිරත නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී මෝටර් රථය තුළ තිබී තියුණු ආයුධ කිහිපයක් සහ රුපියල් ලක්ෂ 9ක මුදලක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ගමන් කළ මෝටර් රථය සහ යතුරුපැදි දෙකද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments