Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක් ජල සැපයුම අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක් ජල සැපයුම අත්හිටුවයි

රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 7.00 දක්වා පැය 9ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.

  • සංකපාල
  • පනහදූව
  • කොලඹගේ ආර
  • 97 කණුව ප්‍රදේශය
  • 98 කණුව ප්‍රදේශය

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළකර තිබේ.

එමෙන්ම කල්තියා රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද පාරිභෝගික ජනතාවගෙන් මණ්ඩලය ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments