Homeසියලුම පුවත්ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක්

ක්ෂය රෝග මර්දනය සඳහා අවශ්‍ය ඖෂධ ටොන් 3ක තොගයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

අදාළ ඖෂධ තොගය ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඊයේ (28) කොළඹට රැගෙනවිත් ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සඳහන් කර තිබේ.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය වීම සඳහා ඉන්දියාව අඛණ්ඩව කැපවී සිටින බවය.

මේ අතර, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ශ්‍රී ලංකාවේ පාලම් 14ක් යළි ඉදිකිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා රජය සහ චීන රජය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments