ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.
හෘද රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, හෘදයාබාධ වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව යොමු කිරීම අරමුණු කරගනිමින් ලෝක හෘද සම්මේලනය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබයි.
ලොව වැඩිම පිරිසකට මරණය සිදුකරන රෝගී තත්ත්වයන් අතර හෘද රෝග ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණකි.
මෙවර ලෝක හදවත් දිනයේ තේමාව ලෙස “Don’t Miss a Beat” යන්න නම් කර තිබේ.
හෘද රෝගවල පූර්ව ලක්ෂණ නොසලකා නොහැරීම සහ හදවතේ නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා කාලෝචිතව අවශ්‍ය පියවර ගැනීම මෙවර තේමාව මඟින් අවධාරණය කරයි.

