Homeසියලුම පුවත්කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ උදෑසන 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේය.

මේ අතර, අද සිට තවත් මාර්ග 5ක් ඔස්සේ මෙට්‍රෝ බස් ධාවනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව මෙට්‍රෝ බස් සමාගම පවසයි.

ඒ අනුව මෙට්‍රෝ බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති යූ.පී. තිලකරත්න මහතා සඳහන් කළේය.

මෙට්‍රෝ බස් ධාවනය වන මාර්ග සම්බන්ධ වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.
“`0

RELATED ARTICLES

Most Popular

Recent Comments