Homeසියලුම පුවත්අද සිට වැසි තත්ත්වය වැඩිවෙයි - ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

අද සිට වැසි තත්ත්වය වැඩිවෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

අද (01) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments