Homeසියලුම පුවත්ඖෂධ 13ක මිල නියාමනයෙන් රු. බිලියන 5.7ක ඉතිරියක්

ඖෂධ 13ක මිල නියාමනයෙන් රු. බිලියන 5.7ක ඉතිරියක්

වෙළෙඳපොළේ මිල අධික ප්‍රධාන ඖෂධ 13ක මිල නියාමනය කිරීම හරහා රජයට ලැබුණු ලාභය රුපියල් බිලියන 5.7ක් ලෙස ඇස්තමේන්තු කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ මිල අධික ප්‍රධාන ඖෂධ 13ක මිල නියාමනය කිරීමෙන් පමණක් රජයට ලැබුණු ලාභය රුපියල් බිලියන 5.7ක් ලෙස ඇස්තමේන්තු කළ හැකි බවයි.

එමෙන්ම ජනතාවට ලැබෙන මූල්‍ය වාසිය ඔවුන් භාවිත කරන ඖෂධ අනුව වෙනස් වන බවද ඔහු සඳහන් කළේය.

මිල අඩු කිරීමට හැකි වූ ඖෂධ අතර දීර්ඝ කාලයක් අඛණ්ඩව භාවිත කරන ඖෂධද පවතින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments