Homeසියලුම පුවත්අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියට 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියට 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

අහුංගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරු එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (04) අලුයම සිදුවූ වෙඩි තැබීමෙන් 74 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments