Homeසියලුම පුවත්සිරිලිය සවිය විමර්ශනයට ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්

සිරිලිය සවිය විමර්ශනයට ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්

“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරුන් මාර්ගයෙන් එම අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධ විමර්ශනයට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා දැනුම් දී තිබුණි.

මේ වනවිට විදේශගතව සිටින ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් කරමින් මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments