Homeසියලුම පුවත්කටුගස්තොට ප්‍රදේශ තුනකට අද සිට දින දෙකක් ජලය නෑ

කටුගස්තොට ප්‍රදේශ තුනකට අද සිට දින දෙකක් ජලය නෑ

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට අද (06) පෙරවරු 9.00 සිට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට ඔක්තෝබර් 08 වැනිදා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන බවත්, පවතින ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments