රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, ඇය බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති බවයි.
රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කළේ ඇය ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.
එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇය කොළඹ පෞද්ගලික රෝහලකට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
මේ අතර, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.
ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

