ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (08) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.67ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 4.97ක වර්ධනයකි.
Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මිල සියයට 5කින් වැඩි වී තිබේ.
මේ අතර Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.73ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මිල සියයට 3.79කින් ඉහළ ගොස් ඇත.

