Homeසියලුම පුවත්බන්ධනාගාර නීති යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක් පත් කරයි

බන්ධනාගාර නීති යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක් පත් කරයි

බන්ධනාගාර ආඥා පනත යටතේ පනවා ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කර තිබේ.

අද (08) දහවල් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයකට අනුව මෙම කමිටුව පත් කර ඇත.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ එම පනත යටතේ පනවා ඇති නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කර, වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කර තිබේ.

බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments