Homeසියලුම පුවත්රියාද් ගුවන්තොටුපොළට යළි ප්‍රහාරයක් – මරණයක් සහ තුවාලකරුවන් 11ක්

රියාද් ගුවන්තොටුපොළට යළි ප්‍රහාරයක් – මරණයක් සහ තුවාලකරුවන් 11ක්

සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර අද (12) යළිත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

සෞදි බලධාරීන්ට අනුව, ගුවන්තොටුපොළේ සිව්වැනි පර්යන්තය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් අනතුරුව එහි ගින්නක් ද හටගෙන තිබේ.

ඊයේ (11) දිනයේදී ද එම ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වන අතර, එහිදී පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වේ.

මේ අතර, රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට පැමිණි කෲස් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ බව සෞදි ප්‍රමුඛ සන්ධාන හමුදා පවසයි.

සෞදි අරාබියේ නැගෙනහිර පළාතට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් ද විනාශ කර ඇති අතර, කමිස් මුෂයිට් නගරය දෙසට එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ද වළක්වා ඇති බව එම හමුදා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම, අද අලුයම දකුණු සෞදි අරාබියේ අබා නගරය ආශ්‍රිතව හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද, පසුව එම අවදානම පහව ගොස් ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

හූති සටන්කාමීන්ට එරෙහිව සෞදි අරාබිය ගුවන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක මෙම සිදුවීම් වාර්තා වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments